Wednesday, January 22, 2025
HomeLocalරාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන බැගැපත් වේයි.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන බැගැපත් වේයි.

ගුරුවරුන් විසින් රට අසීරු අවස්ථාවක පවතින විටදී ගෙනයන්නා වූ උද්ගෝෂණ ක්‍රියා මාර්ගය හේතුවෙන් කොවීඩ් අවධානම උග්‍ර අතට හැරෙන බවත් ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්තවීම පාලනය කිරීමට උද්ඝෝෂණ නතර කරන ලෙසත් ඊයේ(05) දිනයේදී පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කරුණු ප්‍රකාශ කරමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ “මමත් පාර්ලිමේන්තුවට එන්න කලින් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ,ගුරුවරයෙක් ලෙස අවුරුදු 14ක් සේවය කරපු කෙනෙක්.ගුරුවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳව ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් පිළිබඳව අපි ඉතාම සංවේදී.නමුත් දැඩි අවදානමක් තියනවා ගුරුවරුන් විසින් කරණ උද්ඝෝෂණ නිසා ජන ඒක රාශී වීම නිසා. නමුත් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් එක්ක මේ රටේ ඔක්සිජන් අවශ්‍යයතාවය ඉහල ගිහිල්ලා, මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වෙට ඇවිල්ලා,

ඒ නිසා ඉතාම ගෞරවයෙන් ආයාචනාත්මකව මේ ගරු සාභාවේදී මෙ උද්ඝෝෂණ වලට සහභාගීවන සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ තියන තත්වය සලකලා බලා මනුෂ්‍යාත්වයට මුල් තැන දී ඔබලා විසින් ගෙනයන මේ අරගලය තාවකාලිකව හෝ නවතා දමන්න” යනුවෙන් බැගෑපත් ආයාචනයක් සිදු කළේය.

- Advertisment -

Most Popular

Recent Comments