මෙරට කොවිඩ් මර්දන වැඩසටහන යටතේ එන්නත්කරණය ආරම්භ කරමින් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙනු ලබුවත් පසුගිය දින වලදී එහි දෙවන මාත්‍රාව නොමැතිවීම නිසා බොහෝ දෙනා චෝදනා කරන්නට විය.කෙසේ වෙතත් එම චෝදනා ආසන්න දින කිහිපයකට ඉහතදී සිට මග හැර ගැනීමට අවශ්‍ය කටයුතු රජය විසින් සම්පාදනය කරන ලදී.
ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් වේ නම් ඔවුන්ට අද දිනයේදීද බම්බලපිටියේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී එම එන්නත ලබාගත හැකි බව පොලීසිය සදහන් කර සිටී.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එන්නත් කාඩ් පත හා ජාතික හැඳුනුම්පත හෝ වෙනත් පිළිගත හැකි ලියවිල්ලක් රැගෙන එන්නට ජනතාව කටයුතු කළ යුතු බවයි.
පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පිහිටා තිබෙන්නේ පොලිස් ක්‍රීඩාංගනය අසළම බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.