රටේ උද්ගතවී ඇති තත්වය හමුවේ කොරෝනා අවධානම ඉහළගොස් ඇති පසුබිමක සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයට අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
ඊට හේතුව වන්නේ එම දෙපර්තමේනිතුවේ නිලධාරීන් කිහිපදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම බව පාලක ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
උද්ගතවී ඇති මෙම තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා ලාභීන්ට පමණක් එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් දැනුම් දී ඇත.