මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ඉතාමත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙමින් යන පසුබිමක චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 20 ලක්ෂයක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
මෙම එන්නත් එක් ගුවන් යානයක එන්නත් මාත්‍රා ලක්ෂ 10 බැගින් අසුරා තිබේ.මෙම එන්නත් තොගය රැගත් පළමු ගුවන් යානය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද (06) දින උදෑසන 09.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ලගා වී තිබේ.
ඉන්අනතුරුව දෙවන ගුවන් යානය වන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ද චීනයේ බෙයිජිං නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද (06) දින උදෑසන 09.30 ට පැමිණ තිබේ.
මෙම එන්නත් මාත්‍රා ඉදිරියේදී ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ.