Monday, December 23, 2024
HomeSportsබ්‍රිතාන්‍යයේ රන් සිහිනය බොඳ කළ ඉතාලිය

බ්‍රිතාන්‍යයේ රන් සිහිනය බොඳ කළ ඉතාලිය

මෙවර 2020 ටෝකියෝ ඔලිම්පික් තරගයේ දී මිටර් 100 x 4 පිරිමි අංශයේ අවසන් මහ තරගය සඳහා අමෙරිකාව සුදුසුකම් නොලැබූ පසුබිමක ජැමෙයිකාව, චීනය, ජපානය, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඉතාලියට තරගවැදීම සදහා සුදුසුකම් හිමිවිය.

ටෝකියෝ ඔලිම්පික් තරගයේ දී බ්‍රිතාන්‍යයේ බලාපොරොත්තු යලිත් වරක් සුන් කිරිමට ඉතාලිය සමත් වුවා. ඒ පිරිමි මිටර් 100 x 4 ධාවන තරගයේදී බ්‍රිතාන්‍ය පරාජයට පත්කරමින්.ඉතාලි කණ්ඩායමට මෙවර ලොව වේගවත්ම පුද්ගලයා ලෙස ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 රන් පදක්කම දිනු Lamont Marcell Jacobs ද සිටිම විශාල ශක්තියක් විය.

කෙසේ වෙතත් අවසන් මිටර් 100 යේදී ඉතාලියේ Tortu Blitzes සහ බ්‍රිතාන්‍ය නියෝජනය කළ ධාවකයා අතර කරට කර පැවති සටන අවසන් වුයේ කාල ගණනය කිරීම අනුව බ්‍රිතානය අභිබවා තත්පර බින්දුවයි දශම එකක් (0.1) ඉදිරියෙන් ඉතාලිය නියෝජනය කළ ධාවකයා තරගය අවසන් කරමින්ය.

ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් තරගයේ දී මිටර් 100 x 4 ධාවන තරගයේ රන් පදක්කම ඉතාලිය සතුවූ අතර රිදී පදක්කම බ්‍රිතාන්‍යයට ද ලෝකඩ පදක්කම ජැමෙයිකාවට හිමිකරමින්ය.

- Advertisment -

Most Popular

Recent Comments