සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් වසංගතය හේතුවෙන් වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරුන් පවසන අතර මහජනතාවගේ නොදැනුවත් බව සහ වගකීම් විරහිත ක්‍රියාකාරිත්වය රෝගය සීග්‍රයෙන් පැතිර යාමට හේතු වීඇති බව ඔවුන්ගේ මතය වී ඇත. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට වැඩපිළිවෙලක් මේවනවිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ද ප්‍රකශ කළහ .
ඒ අනුව ඩෙංගු රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණවල මිළ ගණන් අඩු කිරීමට තීරණය ගෙනෙ ඇති බවත් රෝගීන් සුවපත් කර නිවෙස් කරා යැවීමට සහ
රෝගීන් හඳුනාගතහොත් ඒ පරිසරය පරීක්ෂාවට ලක්කිරීම,ඊට සුදුසු ක්‍රියා මාර්ග අනුගමනය කිරීම මේ අතර වෙයි. එබැවින් වෛද්‍යවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවසේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම තමන්ට හකි උපරිම දායකත්වය සපයා කටයුතු කරන ලෙසය.