කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට රෝග වියාප්තිය පාලනයට පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කරන බව පැවසීය.
පළාත් අතර සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ රැකියා සඳහා පැමිණීමට පමණක් බවත් එම සහනය අවභාවිතා නොකරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
පවතින තත්වය අනුව සියලු දෙනාගේ වගකීම සෞඛ්‍ය ආරක්ෂක ලෙස කටයුතු කිරීමට බවත් පොලිසිය කියන තුරු සිටීමට අවශ්‍ය නැතැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.