Wednesday, January 22, 2025
HomeLocalවසරකදී කෝටි තුනක ගිනුම් පවත්වාගෙන ගිය කතක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ...

වසරකදී කෝටි තුනක ගිනුම් පවත්වාගෙන ගිය කතක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කැළණිමුල්ල ප්‍රදේශයේ දී වසරක් තුළ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ගිනුම් තුනක පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබීය.

කුඩු ආශා නමින් හැඳින්වෙන සැකකාරිය අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධ අපරාධකරුගේ ගෝලයකු වූ චමියා නැමැත්තාගේ අනියම් බිරිඳ බව පොලිසිය පවසයි .

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් මෙලෙස ගිනුම් තුනක බැර කර ඇති බවත් 2019, 2020 යන වසරවලදී මෙම ගිණුම්වල මුදල් සංසරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම මුදලින් සැකකාරිය මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ ලක්ෂ 50 ක වියදමින් කඩ කාමර මිලදී ගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කළේය.

- Advertisment -

Most Popular

Recent Comments