Thursday, December 26, 2024
HomeLocalමේ වසරේදීත් කිසිම වාහනයක් ආනයනය නොකරන බව රජය ප්‍රකාශ කරයි

මේ වසරේදීත් කිසිම වාහනයක් ආනයනය නොකරන බව රජය ප්‍රකාශ කරයි

වත්මන් රජය බලයට පත්වීමත් සමග මේ වන විට වාහන ආනයන කටයුතු පිළිබඳව ගනු ලැබූ තීරණ නිසා මේ වන විට සමාජයේ ඇතැම් පිරිස් ඒ සම්භන්ද විවේචන පවා එල්ල කරමින් සිටී.කෙසේ වෙතත් රට අසීරු අධියරක පවතින මෙවැනි මොහොතක වාහන ආනයනය සඳහා ඩොලර් සංචිත යෙදවීම ගැටළුකාරී බව ආර්ථික උපදේශකයින්ගේ අදහස බවට පත්වී ඇත.

ඒ නිසාවෙන්ම වාහන ආනයනය කිරීම මෙම වසරේදීත් තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙන බව මේ වන විට වාර්තා වේ. පවතින තත්ත්වය හමුවේ වාහන ආනයන කිරීමට පෙර රටට අත්‍යාවශ්‍ය බොහෝ දෑ ගෙන්වීමට තිබෙන බව රජය ප්‍රකාශ කර සිටී.

කෙසේවෙතත් විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීමට අවසර ලබාදීමට මේ වන විට අවධානය යොමුවී තිබේ. විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ඉදිරි අයවැයේදී සහන ලබා දීමට රජය සැලසුම් කර ඇත. මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉකුත් දා හිමිවුණි.

මෙරට තුළ විද්‍යුත් මෝටර් රථ ප්‍රචලිත කිරීම රජයේ අරමුණ වී ඇති අතර ඊට අවශ්‍ය ආරෝපණ මධ්‍යස්ථානද රට පුරා ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබේ. ඒ සඳහා ජර්මනියේ ආයෝජකයෙකු සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවද මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කරන ලදී.

මේ අතර රජය, වාහන ආනයනයට පනවා ඇති සීමා සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළේ මෙම තත්ත්වයට ඩොලර් සංචිත හිඟවීම සහ කොරෝනා වසංගතයත් සමග මතුව ඇති ගැටළු හේතු වී ඇති බවයි.

- Advertisment -

Most Popular

Recent Comments