මේ දින වල සමාජයේ විශාල කතා බහකට ලක්වී ඇති මාතෘකාව වන්නේ ගුරු විදුහල්පති විරෝධතාවය බව අවිවාදයෙන් සදහන් කළ යුතුය.කෙසේ වෙතත් මෙම තත්වය මත පදනම් වෙමින් දරුවන් මේ වන විට විශාල අර්බුදයකට පත්වී ඇති බව සදහන් කළ යුතුමය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සදහන් කර සිටියේ සිය ඉල්ලීම්වලට අද(09) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී විසදුම් නොලැබුණහොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
පසුගිය මාසයේ සිට ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්වී තම වෘත්තීය ක්‍රියාමාර්ග උදෙසා කටයුතු කරමින් සිටින පසුබිමක අධ්‍යාපන ලේකම්තුමන් මේ වන විට ගුරු විදුහල්පතිවරුන්ට විහිළු සපයමින් සිටින බවද ජෝසප් ස්ටාර්ලින් මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.
කෙසේ නමුත් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමට නියමිත බව රජය පාර්ශවයෙන් වාර්තා වේ