Friday, May 24, 2024
HomeLocalඇමරිකාවට ජයග්‍රහණය ගෙන එමින් 2020 ඔලිම්පික් උළෙල නිමා වෙයි

ඇමරිකාවට ජයග්‍රහණය ගෙන එමින් 2020 ඔලිම්පික් උළෙල නිමා වෙයි

ලෝකයේ බොහෝ රටවල් අද වන විට කොරෝනා ව්‍යසනය නිසා විශාල කඩා වැටීම් වලට ලක්වී ඇති මොහොතක ආරම්භ වූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල ඊයේ (8) නිමාවට පත් විය. මෙවරත් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාවයි. ඔවුන් රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් දිනා ගැනීමට සමත් විය.

අමෙරිකාව අවසන් වරට පැවති ඔලිම්පික් උළෙල තුනේදී පදක්කම් සටහනේ ප්‍රථමයා බවට පත්ව තිබේ. ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී පදක්කම් සටහනේ පළමුවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේද අමෙරිකාවයි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙදී පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය සඳහා චීනය සහ අමෙරිකාව අතර කරට කර සටනක් පැවති අතර මෙවර අමෙරිකාව පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ එක් රන් පදක්කමකින් චීනය අභිබවමිනි.

චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 18ක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමි කර ගත් අතර සත්කාරක ජපානය රන් පදක්කම් 27ක් දිනා ගනිමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. මහා බ්‍රිතාන්‍යය රන් පදක්කම් 22ක් දනා ගනිමින් සව් ස්ථානයේ දින ගන්නා ලදී.

අසල්වැසි ඉන්දියාව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඊයේ දිනා ගත් රන් පදක්කම සමග මෙවර පදක්කම් සටහනේ 48වන ස්ථානය දිනා ගත්තා. ඒ, රන් පදක්කමක්, රීදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා දිනා ගනිමිනි. මෙය සැලකෙන්නේ ඉන්දියාව ඔලිම්පික් ඉතිහාසයේ දැක්වූ ඉහලම දක්ෂතාව ලෙසයි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී වූ අතර කෙසේවෙතත් ඔවුන්ට කැපීපෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකි වු අතර සියලු දෙනා පළමු වටයෙන්ම ඉවත් විය.

දින 17ක් පුරා ලෝකයේම අවධානය දිනා ගත් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රටවල් 93ක්ම කුමන හෝ පදක්කමක් හිමි කර ගැනීම කැපී පෙනුනි. ඔලිම්පික් ක්‍රිඩා උළෙලක වැඩිම රටවල් සංඛ්‍යාවක් පදක්කම් දිනා ගත් පළමු අවස්ථාව ලෙස මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතිහාස ගත විය. මීට පෙර 2008 බෙයිජින් ඔලිම්පික් ක්‍රිඩා උළේලේදී රටවල් 87ක් පදක්කම් දිනා තිබුණි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සැලකෙන්නේ ඉතිහාසයේ සංවිධානය කෙරුණු අසීරුතම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙසයි. ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබු ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙම වසරට කල් දැමුනි. මීලග ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2024 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතය.

- Advertisment -

Most Popular

Recent Comments