මේ වන විට කොරෝන ව්‍යාප්තිය ඉතා විශාල මට්ටමකින් ඉහළ යාමත් සමග සමාජයේ නමක් දිනා සිටින පුද්ගලයින් රැසකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු විය. ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔහුගේ ආශ්‍රීතයින් නිරෝධායනයට යොමු කර තිබේ.
මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කර තිබේ. ඒ අනුව බදාදා සහ සිකුරාදා යන දිනවල තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී.
මේ අතර කොළඹ ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලයේ කටයුතුවලටද කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ. ඒ, පාලකවරුන් 05කට සහ කාර්යාල සහයකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනි. කෙසේ වෙතත් දුම්රිය ධාවන කටයුතු සමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර සෞඛ්‍ය උපදෙස් උල්ලංඝණය කරමින් අහංගම ප්‍රදේශයේ අද පැවැත්වු මල්වර උත්සවයක් තහනම් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම මල්වර උත්සවය පැවති නිවස වෙත පැමිණි අවස්ථාවේ 50 දෙනෙකු පමණ එහි සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත් සියලු දෙනා විසුරුවා හැර ඇති අතර නිවෙස් හිමිකරුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබේ.