Tuesday, January 7, 2025
HomeLocalවිරෝධතාවයට නව මුහුණුවරක් - ඩමී විරෝධය

විරෝධතාවයට නව මුහුණුවරක් – ඩමී විරෝධය

මේ දින වල විරෝධතා සම්භන්දයෙන් රට තුළ ගොඩ නැගී ඇත්තේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ.ඊට හේතුව වන්නේ පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ රෝගය ව්‍යාප්ත වීම මෙම විරෝධතා හරහා වැඩි වන නිසාවෙනි.

ඒ අනුව කොවිඩ්-19 සඳහා එන්නත ලබාදීමේ ව්‍යාපාරය ප්‍රමාදවීමට විරෝධය පළ කිරීම සඳහා ඊයේ (09) පුත්තලම දී මිනිසුන් වෙනුවට ඩමි භාවිත කරමින් නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විරෝධතාවය සංවිධානය කළ ප්‍රදේශවාසීන් පවසන්නේ රටේ එන්නත් කිරීමේ වැඩසටහන තුළ පුත්තලම දිස්ත්‍රික්කය නොසලකා හැර ඇති බවයි.

සෙසු දිස්ත්‍රික්ක වල එන්නත් අනුපාතය 75%ක් පමණ වුවත් පුත්තලමේ දී තවමත් වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනාටම එන්නත් ලබා දී නැතැයි නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දන මුණසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත් පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එන්නත්කරණ වැඩසටහන සඳහා එන්නත් 300,000 ක් පමණ පුත්තලම දිස්ත්‍රික්කයට ලබා දී ඇති බවයි.

- Advertisment -

Most Popular

Recent Comments