මේ දින වල ක අතරත් වැඩි වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වී තිබෙන ගුරු – විදුහල්පති වැටුප් විෂමතා පිලිබඳ ගැටලුව අද වන විටත් කිසිඳු විසදුමකින් තොරව ක්‍රියාත්මක වෙමින් පවතී.කෙසේ උවත් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අමාත්‍ය අනුකමිටුවක් පත් කරනු ලැබ ඇත.
අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,මහින්ද අමරවීර සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරු එම කමිටුවට ඇතුළත් වෙති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(09) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම ඇමැති අනු කමිටුව පත් කරනු ලැබ ඇත.
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලය වෙත වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබේ.