Saturday, January 4, 2025
HomeLocalඇමති විදුරට නව තනතුරක් හිමි වේ

ඇමති විදුරට නව තනතුරක් හිමි වේ

ශ්‍රී ලංකාව හා රුමේනියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා 1957 සැප්තැම්බර් 15 වන දින ආරම්භව වී ඇත.එහි එක්තරා දිගුවක් ලෙස රී ලංකා රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ආරම්භ වූ අතර ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්ව සිටී.

එම සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාද උප සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මොහොමඩ් මුසම්මිල් , එස්. රාසමානික්කම් සහ කෝකිලා ගුණවර්ධන යන මහත්ම මහත්මීහූද තේරි පත්වූහ.

මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් යන මහත්වරුද තේරී පත්ව සිටිති.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසූවේ ශ්‍රී ලංකාවේ සහ රුමේනියාවේ ජනතාව අතර මෙන්ම පාර්ලිමේන්තු අතර පවතින සහෝදර බැදීම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති බවයි.එසේම කොවිඩ් තත්වයේ බලපෑම ක්‍රමයෙන් ඉවත්ව ගිය පසු දෙරට අතර ද්වීපාර්ශවීය සබදතා ව්‍යවස්ථාදායක මට්ටමෙන් තර කළ හැකි බවත් කතානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙහිදී පැවසුවේ සංචාරක සහ අයෝජන ප්‍රවර්ධන අංශවලින් දෙරට අතර සබදතා ශක්තිමත් කරගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් රුමේනියානු තානාපතිවරයාගේ සහයද ඒ සදහා තමා අපේක්ෂා කරන බවත්ය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් ,රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගිවූහ

- Advertisment -

Most Popular

Recent Comments