Wednesday, January 1, 2025
HomeLocalරිෂාඩ්ගේ බිරිඳ ඇතුළු පිරිසගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ - යළිත් රක්ෂිත බන්ධනාගාරයට

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු පිරිසගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ – යළිත් රක්ෂිත බන්ධනාගාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සුම් තුවාල ලබා මියගිය ඉශාලිනි දැරියගේ මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (09) කැදවූ අවස්ථාවේ අධිකරණය ,පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කාරණා ලදී.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝග කළේ සැකකරුවන් ලබන 23 වනදා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඔවුන් ඇප ඉල්ලා ඉදිරිපත් කළ ඇප ඉල්ලුම්පත ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා හා සොහොයුරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බව අප අධිකරණ වාර්තාකරු වැඩි දුරටත් සදහන් කරන ලදී.

පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශනවලට අදාළ කරුණු අධිකරණයට වාර්තා කිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත් වූයේ කෙසේදයි සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය පොලිස්පතිවරයාට ද මෙහිදී නියෝග කර තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments