Wednesday, January 8, 2025
HomeLocalතවත් ස්පුට්නික් - V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට රැගෙන එයි

තවත් ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට රැගෙන එයි

මෙරට ක්‍රියාත්මක එන්නත්කරන වැඩසටහන ඉතාමත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බව සදහන් කළ යුතුමය.ඒ සඳහා වත්මන් රජය සාර්ථක වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව සදහන් කළ යුතුමය.

ඒ සදහා තවත් රුකුලක් වෙමින් ශ්‍රී ලංකාව රුසියාවේන් මිලට ගත් ” ස්පුට්නික් – V ” එන්නතේ තවත් මාත්‍රා 15,000 ක් අද අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පවසයි.

මෙම එන්නත් තොගය ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස භාවිතා කිරීම සදහා මෙරටට එවා තිබේ .රුසියාවේ මෙම ස්පුට්නික් එන්නතේ මාත්‍රා 150,000 ක් , දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට නියමිතව ඇති අතර , එයින් එන්නත් මාත්‍රා 15,000 ක කොටසක් , මෙලෙස අද දින එවා තිබේ .

මෙසේ ස්පුට්නික් දෙවන මාත්‍රාව ලෙස එන්නත් කිරීමට අවශ්‍ය ඉතිරි එන්නත් මාත්‍රා 135,000 ක ප්‍රමාණය ද , මෙම අගෝස්තු මස අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලබා දීමට , රුසියානු රජය එකගතාවය පළ කර ඇති බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා පැවසීය .

- Advertisment -

Most Popular

Recent Comments