මේ දින වල පුද්ගල මරණ විශාල වශයෙන් රට තුළ වාර්තා වන නිසා ජනතාව කොවිඩ් රෝගය පිළිබඳව විශේෂ අවධානයකින් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් දැනුම් දෙනු ලබයි.
එසේ මරණ පිළිබඳව දෛනිකව වාර්තා වන පසුබිමක හොරණ සිට පානදුර බස් රථයක ගමන් ගත් කාන්තාවක වාඩිවී සිටි අසුනේමෙ මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි.
අසුනට බර වී නිදාගෙන සිටි කාන්තාව ගැන සැකසිතී කොන්දොස්තරවරයා සොයා බැලීමේදී ඇයගේ මුව විවර වී තිබුණු දැක බස් රථය පානදුර රෝහල කරා රැගෙන විත් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය
වයස අවු 60 ත් 65 ත් පමණ සිතිය හැකි එම කාන්තාව සම්බන්ධයෙන් ඊයේ (10) රාත්‍රී වනතුරුත් නිශ්චිත තොරතුරක් පොලිසිය වෙත ලැබී නොතිබූ බව පොලිස් නිලධාරීහු පවසති.කෙසේ වෙතත් පානදුර දකුණ පොලීසිය සිද්ධිය සම්භන්දව පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.