Friday, January 10, 2025
HomeLocal2028 වසරේදී ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ICCය සූදානම් වේ

2028 වසරේදී ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ICCය සූදානම් වේ

ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවදානය දිනා ගනිමින් පසුගියදා නිමා වූ ඔලිම්පික් උළෙලේ ජයග්‍රහණය මෙවරත් ඇමරිකාව විසින් දිනා ගන්නා ලදී.කෙසේ වෙතත් මේ වන තෙක් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් තරග වලදී පැවැත්වීමට කටයුතු නොකළ පසුබිමක 2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියට ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන ලදී.

ඒ සඳහා මූලික කටයුතු වෙනුවෙන් දැනටමත් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත.ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීම, ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට හේතුවක් වනු ඇති බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දී තිබේ.

අවසන් වරට ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කර තිබුණේ 1900 වර්ෂයේ පැරිස් නුවර පැවති ඔලිම්පික් උළෙලේදීයි. ප්‍රංශය සහ එංගලන්තය නියෝජනය කරමින් කණ්ඩායම් 02 ක් පමණක් එහිදී තරඟවැදී තිබේ. 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීමට අනුමැතිය හිමි වුවහොත් එය වසර 128 කට පසුව හිමිවන අවස්ථාවක් ලෙස ඉතිහාසගත වනු ඇත.

- Advertisment -

Most Popular

Recent Comments