අද (12) උදැසන බස් රථයක් පෙරළිමෙන් පුද්ගලයින් 20කට ආසන්න ප්රමාණයක් තුවාල ලබා ඇති බව මානිප්පායි පොලිසිය පවසන්නේය.
පොලිසිය පැවසූවේ කරෙයිනගර් ඩිපෝවට අයත් බස් රථයක් කරෙයිනගර් සිට යාපනය බලා ධාවනය වන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අධික වේගය අනතුරට හේතුවි ඇති බවට සැක පළ කරන අතර අනතුරින් බස් රථය අනෙක් පසට පෙරළී ඇති බවද පොලිසිය ප්රකාශ කළේය.
අනතුරින් තුවාල ලබා ඇති තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය ප්රකාශ කළේය.