Saturday, January 11, 2025
HomeLocalධම්මික පැණියට දුන් තාවකාලික බලපත්‍රය අහෝසියි

ධම්මික පැණියට දුන් තාවකාලික බලපත්‍රය අහෝසියි

පසුගිය දින වලදී කොවිඩ් දුරු කරන එකම ඖෂධය ලෙස ධම්මක පැණිය සමාජය පුරා ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා ගන්නා ලදී. කෙසේ වෙතත් ‘ධම්මක පැණිය’ ‘කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසිකර ඇතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.

මෙම පැණිය පිළිබඳව කළ සායනික පරීක්‍ෂණවලදී එහි ‘කොවිඩ්’ මර්දනය සම්බන්ධයෙන් සාපල්‍යතාවක් නොමැති බවට හතවුරු වී ඇති බවත් අඛණ්ඩව එවැනි ක්‍රම සහ ඖෂධ ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන බවත් කොමසාරිස්වරයා පැවසීය.

ඖෂධ සඳහා වන විශේෂ කමිටුව අධ්‍යනයෙන් පසුව ඖෂධ 14 කට නිර්දේශ ලබාදීලා නීත්‍යනුකූල කර ඇතැයි ද කොමසාරිස්වරයා වැඩි දුරටත් පැවසීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේදී ඊයේ (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා එසේ පැවසීය.

- Advertisment -

Most Popular

Recent Comments