Monday, December 23, 2024
HomeLocalපැයක් තුළ කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු මියයාමේ සම්භාවිතාවක්

පැයක් තුළ කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු මියයාමේ සම්භාවිතාවක්

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දත්තවලට අනුව 03 වන දිනයටත් කොරෝනා මරණ 100 යේ සීමාව අඛණ්ඩව ඉක්මවා ගියේය.පෙරේදා දිනයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 124කි.මෙරට තුළ දිනකදී සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යමින් තිබෙන අතර මෙතෙක් දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී තහවුරු කිරීමත් සමගය.

ඒ අනුව පැයක් තුළ කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු මියයාමේ සම්භාවිතාවක් මේවනවිට මතුව ඇති අතර. එහි වඩාත් අවදානම් බව පෙනී යන්නේ සෑම මිනිත්තු 12 කටම වරක් එක් ආසාදිතයෙකු මරණයට පත්වීමේ සම්භාවිතාවක් මේවනවිට මතුව තිබීම හේතුවෙනි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දත්තවලට අනුව මේ දක්වා සිදුව ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 5,464 ක් බව සදහන් කළ හැකිය.

යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඊයේ දිනයේ තහවුරු කළ පුද්ගල මරණ අතරින් බහුතරය වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මාර්ග ඔපදේශනය යටතේ සහ සෞඛ්‍ය අංශ වල පුර්ණ අදීක්ෂණය යටතේ මේවනවිට නිවෙස් නිරෝධායන ක්‍රියාවලිය ද ආරම්භ වී තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments