Friday, May 24, 2024
HomeLocal15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ වෙබ් අඩවි 4ක් තහනම්...

15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ වෙබ් අඩවි 4ක් තහනම් කරයි

අද වන විට රටේ ඉතාමත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඔන්ලයින් ගණිකා ජාවාරම පිළිබඳව පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවන බව සදහන් කළ යුතුය.ඒ අනුව ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් ම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම වෙබ් තහනම් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය .

මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට අධිකරණය විසින් විදුලි සංදේශ නියාමන සංදේශ නියාමන කොමිසම් සභාව වෙත කළ දැනුම්දීමකට අනුව මෙම වෙබ් අඩවි තහනම් කළ බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.එසේම ඉදිරියටත් මෙලෙස ඔන්ලයින් ගණිකා ජාවාරම සිදුකරන වෙබ් අඩවි පිළිබඳව දැඩි අවදානයෙන් පසුවන බව පොලීසිය දැනුම් දෙන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments