පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ජනතාව පත්වන අපහසු තාවන් අවම කර ගැණීම සදහා පෞද්ගලික අංශයේ රෝහල්තුළ සිදු කරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අද නිකුත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව පෞද්ගලික අංශයේ රෝහල් මගින් සිදු කරන PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 6,500 ක උපරිම මිලක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2,000 ක උපරිම මිලක් නියම කෙරෙනු ඇත.