Tuesday, December 24, 2024
HomeLocalඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර වසා දැමේ.

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර වසා දැමේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත. අනුව එරට වේලාවෙන් අද පස්වරු 5 සිට සතියක කාලයකට බලපැවැත්වෙන පරිදි කැන්බරා නගරය වසා දැමෙනු ඇත.එහි ප්‍රතිපලයක් ලෙස ලක්ෂ 04 ක පමණ ජනතාවට සිය නිවෙස් තුලට වී සිටීමට සිදුවන අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි ප්‍රදාන අරමුණ වන්නේය.

ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙලෙස අගනුවර වසා දමන්නේ කොරෝනා වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු පමණක් කැන්බරා නගරයෙන් හඳුනා ගත් ප්‍රථම අවස්ථා වේ දීය.කෙසේ උවද කැන්බරා වැසියන් හට සිය නිවෙස්වලින් පිටතට යෑමට අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණි.නගරය වසා දැමීමේ සූදානමත් සමග කැන්බරා නුවර සියලු සුපිරි වෙළඳසැල් පාරිභෝගිකයින්ගෙන් පිරී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් වාර්තාවන්ට අනුව කැන්බරා නගරයෙන් මෙලෙස කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇත්තේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි .අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න හඳුනා ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇත.

ඕස්ට්‍රේලියාව මේවනවිට ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ දැඩි අභියෝගයකට ලක්ව ඇති අතර ඒ හමුවේ එරට විශාලතම නගර 02 ක් වන සිඩ්නි හා මෙල්බර්න් නගර මේවනවිටත් වසා දමා ඇත්තේ දැඩි රෙගුලාසි යටතේය .

- Advertisment -

Most Popular

Recent Comments