Saturday, January 11, 2025
HomeLocalගර්භනී මව්වරුන්ට කොවිඩ් එන්නත ලබා දීමේ විශේෂ වැඩසටහනක් 24 වෙනිදා සිට

ගර්භනී මව්වරුන්ට කොවිඩ් එන්නත ලබා දීමේ විශේෂ වැඩසටහනක් 24 වෙනිදා සිට

මේ වන විට එන්නත්කරණ වැඩසටහන රට පුරා ඉතාමත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක අගෝස්තු 24 වැනිදා සිට 31 වැනිදා දක්වා ගර්භනී මව්රුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහනක් දියත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කරන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව එය ක්‍රියාත්මක වෙයි.

ගර්භනී මව්වරුන් 19 දෙනෙක් ඊයේ (11) දිනය වනවිට කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.කොරෝනා වැළඳී ඇති බොහෝ කාන්තාවන් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති බව ඔහු සඳහන් කළේ ය.

විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කළේ, දැනට භාවිතා කරන සයිනෝෆාම් එන්නත ලබාගත් කිසිදු ගර්භනී කාන්තාවකට සංකුලතාවක් ඇති වී නොමැති බවය.

- Advertisment -

Most Popular

Recent Comments