මේ වන විට රටම වෙලා ගනිමින් සිටින කොරෝනා රැල්ල නිර්මාණය වීමට බලපාන ලද හේතුව පිළිබඳව සමාජයේ විශාල කතා බහක් නිර්මාණය වී ඇත.කෙසේ වෙතත් සංචාරකයින්ට රට විවෘත කිරීම මගින් මෙරට කිසිදු කොරෝනා රැල්ලක් ඇති නොවූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දේ.
අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.කෙරෝනා වසංගතය සහ මීට පෙර ඇති වූ තත්වයන් සමග පීඩාවට පත්ව සිටි සංචාරක ක්ෂේත්රයේ රැකියාවල නිරතව පුද්ගලයින්ට මේ වන විට ආර්ථික අවස්ථා ඇති වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කරන ලදී.
ඉදිරියටත් සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුව මෙරටට සංචාරකයින් ගෙන්වීම අඛණ්ඩ සිදුකරන බවද ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කරන ලදී.
කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතින බැවින් මුලු රටම වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සදහන් කරන ලදී.