Monday, December 23, 2024
HomeLocalඅද හෝ 19 කැබිනට් සංශෝදනයක් - ඇමතිකම් වෙනස් වෙන්නේ මෙහෙමයි ..?

අද හෝ 19 කැබිනට් සංශෝදනයක් – ඇමතිකම් වෙනස් වෙන්නේ මෙහෙමයි ..?

රටේ පවතින තත්වයන් හමුවේ ඉදිරියේදී මෙරට පාලන කටයුතු වඩාත් කාර්යක්ෂම අන්දමට සිදු කිරීම සඳහා අද හෝ ලබන 19 වෙනිදා කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ කිහිපයක් වෙනස් වීමට නියමිත බව මේ වන විට වාර්තා වේ.ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ධූරයෙහි පළමු වෙනස් වීම සිදු වීමට නියමිත අතර ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය කොටස් දෙකකට බෙදා අධ්‍යාපන කොටස ප්‍රසන්න රණතුංග මහතාටත් උසස් අධ්‍යාපන විෂය දිනේෂ් ගුණවර්ධන මහතාටත් ලබා දීමට නියමිත බවට වාර්තා වේ.

ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතා දැනට දරන සංචාරක අමාත්‍යධුරය රාජ්‍ය අමාත්‍යවරයෙකුට ලබා දෙන බවද,දැනට අධ්‍යාපන අමාත්‍යධුරය දරන ජි.එල් පිරිස් මහතාට දිනේෂ් ගුණවර්ධන මහතා යටතේ ඇති විදේශ කටයුතු ඇමතිකම ලබා දීමට නියමිත බවද වාර්තා වේ.

එසේම සෞඛ්‍ය අමාත්‍යධුරයේ ද වෙනසක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් වීමට නියමිත බවත් ඔහු දැනට දරන අමාත්‍යධුරය වන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලබා දීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
එසේම කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනට දරන ජනමාධ්‍ය අමාත්‍යංශය ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දීමට නියමිත බවද වාර්තා වේ.

ඒ අනුව වත්මන් සෞඛ්‍ය ඇමතිනියට විදුලිබල අමාත්‍යංශය හිමි වීමට නියමිත බවද මේ වන විට දේශපාලන ආරංචි මාර්ග හරහා දැන ගන්නට ලැබී ඇත.

- Advertisment -

Most Popular

Recent Comments