මහනුවර ඇසල පෙරහැරේ ප්රථම කුඹල් පෙරහැර අද (13) වීදි සංචාරය කරයි.
ශ්රී දළදා මාලිගාව අභියසින් රාත්රී 7.18ට යෙදෙන සුභ මොහොතින් පිටත්වන පෙරහැර දළදා විදිය ,ඩී.එස් සේනානායක විදිය,පන්සල පාර,දේව විදිය,කොළඹ විදිය,ඔස්සේ යලිත් ඩී.එස් සේනානායක විදියට අවතීරණ වී රජ විදියෙන් විත් ගෙවදීමට නියමිතය.
මෙවර මහනුවර ඇසල පෙරහැර නැරඹීම සදහා ජනතාවට අවසර නොමැති බවත් පෙරහැර කටයුත්තට සහ සම්බන්ද වන සියලු කලාකරුවන් ජෛව බුබුලක් ආකාරයට තබා ගැනීමට පියවර ගෙනතිබෙන බව දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පැවසිය.
රුපවාහිනී නාලිකා,අන්තර් ජාලය හා සමාජ මාද්ය ඔස්සේ සජීවීව පෙරහැර නැරඹීම සදහා ජනතාවටඅවකාශ සලසා තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් ප්රකාශ කර සිටියේය.