Tuesday, December 24, 2024
HomeLocalරටේම ඉතිරි තවත් කොවිඩ් ඇඳන් 3419ක් පමණයි

රටේම ඉතිරි තවත් කොවිඩ් ඇඳන් 3419ක් පමණයි

දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාධිතයින් ප්‍රමාණය ඉහළ යාමත් සමග මේ වන විට ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය රෝහල් හා ඇඳන් පහසුකම් පිළිබඳව සමාජය තුළ කතා බහක් නිර්මාණය වී ඇත.ඒ අනුව කොරෝනා ආසාදිතයින් සඳහා වෙන් කළ ඇඳන් සංඛ්‍යාවෙන් තවත් 3,419 ක් පමණක් ඉතිරිව ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

රෝහල් ද ඇතුළුව ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කළ මධ්‍යස්ථාන 224 තුළ සූදානම් කර ඇති ඇඳන් සංඛ්‍යාව 34,345 කි.ඊයේ රාත්‍රී 10 වනවිට එම ඇඳන්වලින් 32,607 ක් පිරි ගොස් තිබුණි. එය සමස්ථයක් ලෙස සියයට 94.94 ක ප්‍රතිශතයකි. ඒ අනුව තවත් ඉතිරිව ඇති ඇඳන් ප්‍රමාණයේ ප්‍රතිශතය සියයට 9.95ක් වේ.

දැඩි සත්කාර ඒකක 15 ක ඇඳන් 146 ක් සූදානම් කර ඇති අතර ඉන් 95 ක්ම ඊයේ රාත්‍රී 10 වන විට පිරී ගොස් තිබුණි. ඒ අනුව තවත් ඉතිරිව ඇත්තෙ දැඩි සත්කාර ඇඳන් 51 ක් පමණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවලට අනුව ඊයේ දිනයේ මධ්‍යස්ථාන 37 කදී PCR පරීක්ෂණ 21,120 ක් සිදුකර තිබෙන අතර සිදුකර ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 7,098 කි.

- Advertisment -

Most Popular

Recent Comments