Monday, December 23, 2024
HomeLocalඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පස් කදු කඩා වැටී ගිනිගත්හේනේ ගමනා ගමනයට බාධා.

ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පස් කදු කඩා වැටී ගිනිගත්හේනේ ගමනා ගමනයට බාධා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන නගරයට ඉහලින් වූකදු පස් කදු කීපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් හැටන් මනුවර සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය තාවකාලිකව ඇනහිට ඇති බව නුවරඑලිය ආපදා කළමනා කරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේය.

ගිනිගත්හේන නගර මධ්‍යයේ නවතා තිබු කුඩා ලොරි රථයක් සහ ත්‍රි රෝද රථයක් මතට පස් කන්ද කඩාවැටී ඇත.

ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩාවැටී ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරී විසින් මේ වන විටත් පස් ඉවත් කිරීම ආරම්භ කර් ඇත.

හැටන් ඔය පීටර ගැලීමෙන් වටවල ප්‍රධාශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

- Advertisment -

Most Popular

Recent Comments