නාවලපිටිය ප්රදේශයේ ඊයේ (12) ඇදහැලුනු ධාරාණීපාත වර්ෂාවත් සමග නාවලපිටිය ඩෙයිලි පාරේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ නිදා සිටි දැරියක් තුවාල ලබා ඇත.
එදින පැවතී ධාරාණීපාත වර්ෂාවත් සමග නිවස පිටුපස තිබු පස් කන්ද එකවරම නිවස මතට කඩාවැට් ඇත.එම අවස්ථාවේ අසල්වැසින් විසින් පස් කන්දට යට වී සිටි දැරිය මුදාගෙන ඇය නාවලපිටිය දිස්ත්රික් මහා රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
පස් කන්ද කඩාවැටීම හේතුවෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදුවී ඇත.