Monday, December 23, 2024
HomeLocalඅධික වර්ෂාව සමග වතුරට ගසාගෙන ගිය පුත්තලම දුම්රිය මාර්ගය

අධික වර්ෂාව සමග වතුරට ගසාගෙන ගිය පුත්තලම දුම්රිය මාර්ගය

මේ දින වල දිවයින පුරා පවතින අධික වර්ෂාව නිසාවෙන් සාමාන්‍ය ජන ජීවිතයට විශාල පීඩාවන් මතුවී ඇත.ප්‍රවාහන ක්ෂේත්‍රයට පවා මෙම පවතින අධික වර්ෂාව බලපෑම් එල්ල කර ඇති අතර එහි නවතම තත්වය අනුව අනපේකෂිත ජලය ගලා ඒම හේතුවෙන් පුත්තලම – කොළඹ දුම්රිය මාර්ගයේ පුත්තලම හලාවත අතර දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී තිබේ.

මුන්දලම සහ මංගලඑළිය අතර දුම්රිය මාර්ගයේ මීටර් 100 ක් පමණ ස්ථාන කීපයකදී හානියට පත්ව ඇති ආකාරයක් දක්නට ලැබේ.මීට පෙරත් වැසි ජලයෙන් යටවී ගියත් කිසිදු දිනක මේ ආකාරයට දුම්රිය මාර්ගයට හානි සිදු වී ඇති අකාරයක් දක්නට නොලැබුණු බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ඇතැම් ස්ථාන වල දුම්රිය මාර්ගයේ යොදා තිබූ සිල්පර කොට ජලයේ ගසා ගෙන ගොස් ඇති බවක්ද දක්නට ලැබේ.

කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙණිය දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

- Advertisment -

Most Popular

Recent Comments