ඉන්ධන සම්භන්දයෙන් මේ වන විට මතුව ඇති තත්වය පදනම් කර ගනිමින් ජනතාව ඉන්ධන රැස් කිරීමට පටන් ගෙන ඇති බව මේ වන විට වාර්තා වේ.ඒ අනුව ඊයේ දින සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක් වසා දමන බවට වාර්තා වීමත් සමඟ රට පුරා ඉන්ධනහල් බොහොමයක දීර්ඝ පෝලිම් දක්නට ලැබුණි.
තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග ඉන්ධන හිගයක් ඇතිවෙතැයි බියෙන් ජනතාව මෙලෙස පෝලිම් සෑදී තෙල් ලබාගැනීමේ නිරත වී සිටින බව දැක ගත හැකිය.
වාහන වලින් සහ වෙනත් භාජන රැගෙන පැමිණි පිරිස් ඒවාට ඉන්ධන ලබාගනු දක්නට හැකිවිය.ඇතැම් ඉන්ධන හල් වල තොග අවසන් වූ බව ද මේ වන විට වාර්තා වේ.