Wednesday, January 22, 2025
HomeLocalජනතා දුක කියන්න දෙන ඉඩ නොදෙන්නේ ඇයි

ජනතා දුක කියන්න දෙන ඉඩ නොදෙන්නේ ඇයි

රටේ ජනතාවට තමන් මුහුණ දී සිටින ආර්ථික, සාමජ ගැටලු රටේ විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කිරීමේ නිදහසක් නැතිදැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටී.සමගි ජන බලවේගය අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහභාගී වීම සඳහා කොළඹට පැමිණෙමින් සිටි ජනතාවට විවිධ ප්‍රදේශවලදී බාධා එල්ල වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ය.විපක්ෂ නායකවරයා එහිදී වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියේ, රටේ ජනතාවට භාෂණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කර ඇත්ද යන්නයි.ප්‍රජාතන්ත්‍රවාදී රටක සිවිල්, දේශපාලන අදී සියලු අයිතිවාසිකම් ඇති බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ, මෙය පොලිස් රාජ්‍යයක් නොවන බවත් ස්වෛරී රටක් බවත් ය.”ඊයෙ දවසෙ පොලීසි රාශියක නිලධාරීන් ගැවසුණේ තමන්ගේ රාජකාරි කටයුතුවල නෙවෙයි. උසාවිවල තහනම් නියෝග ගන්න. මම කැමති නෑ මේ රටේ පොලීසිවලට, ආරක්ෂක අංශවලය නිග්‍රහ කරන්න. දැන් හැමෝ ම දන්නවා නේ ඇති වුණ ප්‍රතිඵලය අධිකරණ කීයක් ප්‍රතික්ෂේප කළා ද?”ජනතාවට මෙලෙස බාධා කිරිම ඉත් පහත් ක්‍රියාවක් බව සඳහන් කළ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ, ජනතාව පීඩනයට ලක් කිරීම, බාධා කිරීම වහාම නතර කරන ලෙසයි.මේ අතර පසුව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අදහස් පළ කරමින් කියා සිටයේ, පොලීසිට සිදු කරන්නේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පමණක් බව ත් එබැවින් නිකරුණේ, පොලීසියට දෝෂාරෝපණය කිරීමෙන් වළකින ලෙසයි.රටට අංශු මාත්‍රයක හෝ ආදරයක් තිබේ නම්, විපක්ෂ නායකවරයා හා විපක්ෂය කළ යුත්තේ, ආණ්ඩුව නසමග එකතු වී වෛරසය විනාශ කරනවා, මිස වෛරසය සමග එක්ව ආණ්ඩුව විනාශ කිරීම නෙවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

- Advertisment -

Most Popular

Recent Comments