Wednesday, January 22, 2025
HomeLocalඩොලර් අර්බුදය විසදන්න ඇමති ගම්මන්පිලගෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

ඩොලර් අර්බුදය විසදන්න ඇමති ගම්මන්පිලගෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

ඩොලර් අර්බුදය හමුවේ මේ වන විට ශ්‍රී ලංකාව විශාල අර්බුද රැසකට ලක්වී ඇති බව දැකගත හැකි තත්වයකි.ඒ නිසාවෙන් රටේ ආර්ථිකය යළි නව මාවතක් කරා ගෙන යාම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ මොහොතේ එකතු විය යුතු බව පොදු මතය බවට පත්වී ඇත.

ඒ අනුව රට තුළ පවතින ඉන්ධන ගැටළුව පිළිබදවද ඊයේ (15) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද දැඩි අවධානයක් යොමුවී තිබේ. එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා ඇත්තේ මේ වනවිට ඉන්ධන ආනයනයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වැය වන බවයි.

මහ බැංකුව ලබාදෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් වුවත් ලබන පෙබරවාරි මාසය වනතෙක් ඉන්ධන ගෙන්වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ඇති බව අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

විසඳුමක් නොලැබුණහොත් ඩොලර් අර්බුදය විසදා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට යාම වඩා යෝග්‍ය බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊට එකඟතාව පළ කර නොමැති බව වාර්තා වේ.

- Advertisment -

Most Popular

Recent Comments