අද දවසේ ප්‍රධානම මාතෘකාව බවට පත්වී ඇත්තේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතාවයයි.ඒ අනුව මේ වන විට ඒ සඳහා සහභාගී වන ජනතාව දිවයිනේ ප්‍රදේශ රැසක සිට කොළඹට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
මෙම විරෝධතාවයට එරෙහිව පොලීසිය අධිකරණ කිහිපයකින් වාරණ නියෝග ඉල්ලා සිටි අතර අධිකරණ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබු අතර අධිකරණ කිහිපයක් එම නියෝගය පිළිගෙන ඇති බවටද වාර්තා විය.
මේ අතර විරෝධතාවයට සහභාගිවීම සඳහා පැමිණෙන පුද්ගලයන්ට පොලීසියෙන් බාධා එල්ලවෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙක් අප සමග මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කරන ලදී.
එහිදී නොච්චියාගම ප්‍රදේශයෙන් සහභාගී වන පිරිස් රැගත් බස් රථ සඳහා ගමන් කිරීමට ඉඩ නොදී නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පවසා සිටියේ නිසි බළධාරියකුගෙන් අවසර ගෙන නොමැති නිසා සෞඛ්‍ය නීති වලට අනුව බස්රථ සදහා ගමන් කිරීමට අවසර ලබා දිය නොහැකි බවයි.
කෙසේ වෙතත් මෙහිදී පිරිස සහ පොලීසිය අතර උණූසුම් වචන හුවමාරුවක්ද සිදුවී ඇතැයි වාර්තා වේ.