Monday, December 23, 2024
HomeLocalතෙවැනි එන්නත් මාත්‍රා (බූස්ටර් එන්නත) ලක්ෂ 145ක් ලබන වසර මුල දිවයිනට

තෙවැනි එන්නත් මාත්‍රා (බූස්ටර් එන්නත) ලක්ෂ 145ක් ලබන වසර මුල දිවයිනට

කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත්කරන වැඩ සටහන ශ්‍රී ලංකාව තුළ ඉතාමත් සාර්ථක අන්දමින් ක්‍රියාවට නැංවෙමින් තිබේ.ඒ අනුව මේ වන විට පාසල් ළමුන් හට පවා එන්නත් ලබා දීමේ කටයුත්ත රජය සැලසුම් සහගත අන්දමින් ක්‍රියාත්මක කරමින් සිටී.

ඒ අනුව යමින් ‘කොවිඩ්’ මර්දන තෙවැනි එන්නත් මාත්‍රාව (බූස්ටර් එන්නත) ලබාදීම සඳහා එන්නත් මිලියන 14.5 ක් හෙවත් ලක්‍ෂ 145 ක් ඇනවුම් කර ඇති බවත් එම එන්නත් ලබන වසරේ පළමු කාර්තුව වන විට ලැබෙනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමේදී වයස අවුරුදු 60 ට ඉහළ පුරවැසියන්ට මූලිකත්ය ලබා දෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ සෞඛ්‍ය සේවයට සහයෝගය දැක්වූ ත්‍රිවිද හමුදාව වැනි පාර්ශවයන්ට ප්‍රමුඛතාව ලබා දෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කර සිටී.

- Advertisment -

Most Popular

Recent Comments