Friday, May 24, 2024
HomeLocalඔන්ලයින් පනත අද සිට බලාත්මකයි

ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි

පාර්ලිමේන්තුවේ දී සම්මත වු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ.

ඒ අනුව එම පනත් කෙටුම්පත 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස අද (01) දිනයේ සිට බලාත්මක වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සං‍ශෝධන සහිතව පසුගිය ජනවාරි 24 වන දා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

ඒ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමෙන් අනතුරුවය.

පනත් කෙටුම්පතට  පක්ෂව ඡන්ද 108ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 62ක් හිමිවීමත් සමග එය වැඩි ඡන්ද 46කින් සම්මත වුණි.

මේ අතර පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව පසුගිය ජනවාරි 09වන දා සම්මත වු ජාතික ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පතට සහ ජනවාරි 10 වන දා සම්මත වු අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ පනත් කෙටුම්පතට ද කථානායකවරයා අත්සන් තබා තිබේ.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් ද පනත් ලෙස බලාත්මක වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. 

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අද පෙරවරු 11ට එම රැස්වීම කැඳවා තිබු බව සඳහන්ය.

- Advertisment -

Most Popular

Recent Comments