Friday, May 24, 2024
HomeLocalජනවාරියේ විදේශිකයින් ලක්ෂ 2ක් දිවයිනට

ජනවාරියේ විදේශිකයින් ලක්ෂ 2ක් දිවයිනට

මේ වසරේ ජනවාරි මාසය තුළ ද දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ජනවාරි පළමු දින සිට 30 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 201,687 දෙනෙකු පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.

ඉන් බහුතරය ඉන්දීය ජාතිකයින් වන අතර රුසියාව, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇති බව සඳහන්ය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුළ ද දිවයිනට සංචාරකයින් 210,000කට අධික සංඛ්‍යාවක් පැමිණියේය.  

මේ අතර මාස 16ක් තුළ නෙළුම් කුළුන නැරඹීම සඳහා විදෙස් සංචාරකයින් 50,000කට අධික පිරිසක් පැමිණ ඇති බව නෙළුම් කුලුන පරිපාලන අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

50,000 වෙනි සංචාරකයා ලෙස බල්ගේරියානු ජාතික කාන්තාවක් කුලුන නැරඹීම සඳහා ඊයේ (31) දිනයේ එක්ව ඇති අතර එහිදි ඇයට විශේෂ ත්‍යාගයක් ද පිරිනැමුණි.

- Advertisment -

Most Popular

Recent Comments