Friday, May 24, 2024
HomeLocalත්‍රීරෝද අනතුරෙන් අයෙක් මරුට

ත්‍රීරෝද අනතුරෙන් අයෙක් මරුට

කල්පිටිය පොලිස් වසමේ කල්පිටිය පාලවිය මාර්ගයේ කුරිඤ්ඤම්පිටියේ කතොලික දේවස්ථානය ඉදිරිපිට සිදුවූ රිය අනතුරෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වී හත් දෙනෙකුට තුවාල සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරන් ඇතුළුව ත්‍රීරෝද රථ දෙකෙහි පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇත.

ත්‍රීරෝද රථයක් කල්පිටියේ සිට පාලවිය දෙසට ධාවනය කර අතුරු මාර්ගයකට හැරවීමේ දී එම මාර්ගයේ ඉදිරියෙන් පැමිණි තවත් ත්‍රීරෝද රථයක අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් කල්පිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහල වෙත මාරුකර යවා ඇත. මියගිය පුද්ගලයා 65 හැවිරිදි මණ්ඩලකුඩාවල කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

- Advertisment -

Most Popular

Recent Comments