Friday, May 24, 2024
HomeLocalමොනරාගල බන්ධනාගාර නිලධාරීගේ සාක්කුවේ කුඩු

මොනරාගල බන්ධනාගාර නිලධාරීගේ සාක්කුවේ කුඩු

රාජ්‍ය බුද්ධි අංශයේ මොනරාගල කාර්යංශයට ලද තොරතුරක් මත ඊයේ (04දා) සවස මොනරාගල රෝහල අසල සිදුකළ වැටලීමකදී යතුරුපැදියකින් හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 460 (පැකට් 07) රැගෙන යමින් සිටි මොනරාගල බන්ධනාගාරයේ පුනරුත්ථාපන නිලධාරීවරයා අත්අඩංගුවටගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ අම්පාර හංදිය අසල පදිංචි හතළිස්තුන් හැවිරිදි ගයාන් අරුණ දිසානායක නැමති අයෙකි.
ඔහු සිය යතුරුපැදියෙන් රාජකාරි වෙලාවේ මොනරාගල බන්ධනාගාරයේ සිට සියඹලාණ්ඩුවට දෙසට යමින් සිටියදී මොනරාගල මහරෝහල ඉදිරිපිටදී පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිය නතරකොට පරීක්ෂාකිරීමේදී ඔහුගේ කලිසමේ වම් සාක්කුවේ ලිපි කවරයක සූක්ෂමව අසුරා තිබූ හෙරොයින් පැකට හතක් සොයාගෙන ඇත.
ඊට අමතරව ඔහු ලඟ තිබූ රුපියල් දහනවදහස් හාරසියයක්ද පොලීසිය භාරයටගෙන තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments