තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සදහන් කළේය.ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන ඉන්දීය සාගර කලාපීය සමුළුවට සහභාගීවීම සදහා ගොස් සිටින ජනාධිපතිවරයා සමග ඉන්දීය රූපවාහිනී නාලිකාවක් පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පැවසීය.