Sunday, February 23, 2025
HomeLocalසහයෝගය දෙන බව මෛත්‍රී කියයි

සහයෝගය දෙන බව මෛත්‍රී කියයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඊට අදාළ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි.

නිදහස වෙනුවෙන් අපි යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ය.

කෙසේ වෙතත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සුදුසු අවස්ථාව මෙය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.

- Advertisment -

Most Popular

Recent Comments