Friday, May 24, 2024
HomeLocalතරුණියකට අතවර කිරීමේ සිද්ධියකට මෝස්තර නිරූපණ ගුරා අත්අඩංගුවට

තරුණියකට අතවර කිරීමේ සිද්ධියකට මෝස්තර නිරූපණ ගුරා අත්අඩංගුවට

මෝස්තර නිරූපණය පිළිබඳ පන්තියකට සහභාගී වූ 19 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වෙයි.

ඒ, පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලැබුණු දුරකථන පණිවුඩයකට අනුවය.

සිද්ධියට සම්බන්ධ සැකකරු අද (14) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මාවතගම නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පවත්වාගෙන යන මෝස්තර නිරූපණ ශිල්පය විෂයය ඉගෙන ගැනීමට අදාළ තරුණිය ඊයේ (13) පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම ඇතිවී තිබේ.

එහිදී අදාළ පන්තිය අවසන් වනවිට පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම තරුණිය ඇතුළු තවත් තරුණියන් තිදෙනෙකු කෙටි වෙලාවක් එහි නතරවී සිට ඇත.

පසුව මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන සැකකාර ගුරුවරයා අදාළ තරුණියන් සමග මත්පැන් පානය කර තිබෙන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව මාවතගම පොලීසියේ උසස් නිලධාරියෙකු අද දෙරණට පැවසීය.

පසුව අනෙක් තරුණියන් තිදෙනා පිටව ගොස් ඇති අතර අදාළ තරුණිය අධික ලෙස මත්වීමෙන් එහි නතරවී ඇත.

පොලීසිය සඳහන් කළේ එහිදී මෙම අපරාධය සිදුකර ඇති බවය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන ගුරුවරයාව මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments