Friday, May 24, 2024
HomeLocalනෙළුම් කුළුණේ පැරෂුට් පිම්මකින් විදේශිකයෙකුට තුවාල...

නෙළුම් කුළුණේ පැරෂුට් පිම්මකින් විදේශිකයෙකුට තුවාල…

කොළඹ නෙළුම් කුළුනේ Base Jump  ඉසව්වක නිරතව සිටි විදේශිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

නෙළුම් කුළුණ පාලනාධිකාරිය සඳහන් කළේ, විදේශිකයින් 35 දෙනෙකු එම ඉසව්වට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටින බවයි.

නෙළුම් කුළුනේ ඉහළ සිට පහළට පනින අවස්ථාවේ ඒ අතරින් එක් විදේශිකයෙකුගේ පැරෂුටය විවෘත වීම ප්‍රමාද වීම හේතුවෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ විදේශිකයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කෙරිණි.

ඒ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලෙන්  කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ විදේශිකයා අමෙරිකානු ජාතිකයෙකු බවයි.

ඔහුගේ හිස සහ කොන්ද ආශ්‍රිත ප්‍රදේශය ගැටීමකට ලක්ව ඇතැයි, එම ප්‍රකාශකයා පැවසුවේ ය.

තුවාල ලැබූ විදේශිකයාගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් පවතී.

- Advertisment -

Most Popular

Recent Comments