Friday, May 24, 2024
HomeLocalසා/පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට නිදහස් ලකුණු

සා/පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට නිදහස් ලකුණු

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට නිදහස් ලකුණු  දීමට තීරණය කර තිබේ.

ඒ, බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරවීම හේතුවෙනි.

දෝෂ සහිත ප්‍රශ්න සඳහා පමණක් නිදහස් ලකුණු ලබා දෙන බව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ය.

පසුගිය සතියේ පැවති සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුකාරි තත්වයක්  පිළිබඳව සමාජ මාධයේ ඔස්සේ  සංසරණය විය.
 
ඒ  විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරව සකස් කර ඇති බවටයි. 

එම සිදුවීම මුල් කරගනිමින් නිදහස් ලකුණු කිහිපයක් ලබාදීමට කටයුතු  කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

- Advertisment -

Most Popular

Recent Comments