Friday, May 24, 2024
HomeLocalපළාත් කිහිපයකට අද මිලිමීටර 100ක තද වැසි..

පළාත් කිහිපයකට අද මිලිමීටර 100ක තද වැසි..

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර හා බස්නාහිර පළාත්වලට අද (15) දිනයේ මිලිමීටර 100ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ වර්ධනය වී තිබෙන කැළඹිලි ස්වභාවය හේතුවෙනි. 

මේ අතර වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන අද පස්වරු 4 දක්වා දීර්ඝ කර තිබේ.

එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහායි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හාලිඇල, හපුතලේ, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර, යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ අතරට අයත්ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, දෙහිඕවිට, වරකාපොළ, මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලාවන, ඉඹුල්පේ, බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ අතරට ඇතුළත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

- Advertisment -

Most Popular

Recent Comments