Tuesday, July 23, 2024
HomeLocalනිලධාරීන්ගේ හිඟයක් පැවතියත් ජනාධිපතිවරණයට අවශ්‍ය කටයුතු සූදානම්.. - නියෝජ්‍ය තැපැල්පති

නිලධාරීන්ගේ හිඟයක් පැවතියත් ජනාධිපතිවරණයට අවශ්‍ය කටයුතු සූදානම්.. – නියෝජ්‍ය තැපැල්පති

නිලධාරී මණ්ඩලයේ හිඟය පැවතිය ද එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. 

නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ, එම කටයුතු වෙනුවෙන් ලිපි බෙදන කාර්ය මණ්ඩලය ද යොදවා ගන්නා බවයි. 

එම කාර්ය මණ්ඩලය 8000 කි.

කෙසේ වෙතත් නිලධාරී මණ්ඩල හිඟය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට හා අදාළ ස්ථානවලට දැණුවත් කර ඇති බවයි. 

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සෑම නිවසකටම ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසීය.

- Advertisment -

Most Popular

Recent Comments