Tuesday, July 23, 2024
HomeLocalවසර තුනක සිර දඬුවම් නියම වූ හිරුණිකාට ඇප..

වසර තුනක සිර දඬුවම් නියම වූ හිරුණිකාට ඇප..

බරපතළ වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (22) නියෝග කළේ ය.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ ඇප අයදුම්පත කැඳවු අවස්ථාවේදීයි.

විනිසුරුවරයා එහිදී නියෝග කළේ, අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනයට යටත්ව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින බවයි.

රුපියල් පනස් දහසක මුදල් හා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත, ඇයට ඇප නියම  නියම විය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළේ ය.

2015 වසරේ දී දෙමටගොඩ පිහිටි වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් වද හිංසා කර, තර්ජනය කර බිය ගැන්වීම ආධාර අනුබලදීම ඇතුළු  චෝදනා 18ක් යටතේ පවරා තිබූ නඩුවට වරදකරු වූ  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට පසුගිය ජුනි 28 වැනිදා මහාධිකරණ විනිසුරු අමල් රණරාජා බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළේ ය.

- Advertisment -

Most Popular

Recent Comments